Net Loss වීම

මෙය ගැනීමෙන් ADSL පසුව උද්ගත වූ භයානක තත්වයකි. Loss වීම යනු වැදගත් වැඩ තිබියදී නිකරුණේ කාලය කා දැමීමයි. අන්තර්ජාලය තුල මෙලෙස නිකරුණේ කාලය කා දැමීම Net Loss වීම ලෙස හැදින්විය හැක.

බොහෝ විට අන්තර්ජාලයට පිවිසෙන්නේ විෂයකට අදාල කරුණු සෙවීමේ අට්යෙනි, නමුත් දැන් අන්තර්ජාලයට පිවිසෙණ විට Facebook වල gmail වල හා google reader වල log වුනේ නැතින්ම් හිතට හරි නැත (මට එන මහා ලොකු mail නැත බොහෝ විට තිබෙන්නේ forwards , ඒවායින්ද මම කියවන්නේ අතලොස්සකි, බොහෝමයක් එකවිට select කර delete කර දමමි.) ප්‍රශ්නය ඇරඹෙන්නේ ඔතනිනි.

Facebook වලට log වූ විට post ගොඩකි. එක්කෝ quiz results පල කර ඇත, නැතිනම් විහිළු video එකක් හෝ movie trailer එකක් share කර ඇත. එහෙමත් නැතිනම් photo uploads කිහිපයක් හෝ photo වලට comment කිහිපයක් ඇත (comment වලට නම් අනිවාර්යෙන් ප්‍රතිචාර දැකිවිය යුතුය). video එක හිතට ඇල්ලූවිට නිතැතින්ම related video බැලීමටද යොමුවේ. Trailer එකක් නම් ඊළඟ අදියර එහි imdb rating එක බැලීමය, එයත් හොඳ නම් වහාම torrent එකක් හොයාගෙන movie එක download කල යුතුය. මේ සියළු දේට අඩුම වශයෙන් පැය භාගයක් වත් ගතවේ (තව කොහෙද barn buddy, farmville, marfia wars වලට සම්බන්ධ වුනොත්?). මේ වනවිට එකෙක් දෙන්නෙක් chat එකට set වී ඇත. සංවාදයක් අතරමැද නතර කිරීම සුදුසු නැත. මුල් අය chat එකෙන් ඉවත් වනවිට තවත් අය එයට එක් වේ. අන්තිමට මහා ජංජාලයකි.

මේ අතරතුර බලන විට reader එකේ feeds update වී ඇත. අලුත් blog post පළවී ඇත. Endgadget එකෙන් අලුත්ම ගැන ලිපි 100ක් පමණ එවා ඇත. මේවා බොහොමයක් සිත් ඇඳගන්නා සුළුය. Endgadget එකෙන් touchscreen smartphone ගැන ලිපි එවා ඇත්නම් ඒවා ගැන වඩාත් සොයාබැලිය යුතුය. (මම touch phone වලට මහත් සේ මනාපය, තවමත් එවැන්නක හිමිකරුවකු නොවුනද, කවදා හෝ එවන්නක් ගත යුතුය. එමනිසා දැන් සිටම ඒවා ගැන තොරතුරු සෙවීමෙන් අවැඩක් නොවනු ඇත.) Podcast, Vodcast බොහෝමයක්ද පළවී ඇත. මේවායේ තියෙන දැනුම් සම්භාරයම අපතේ යැවීම සුදුසු නැත. කවදා හෝ ප්‍රයෝජනයක් ලැබෙන බව නොඅනුමානය. එමෙන්ම හොඳ post මිතුරන් සමඟ share කිරීමෙන් ඔවුන්ටද දැනුම බෙදාදියයුතුය.

මේ සියල්ල හමාර වනවිට වැදගත් දේ සෙවීමට තිබූ කාලය හමාරය. බොහෝවිට මම වැඩකට පිවිසෙන්නේ කාල සටහනකට අනුවය. මේ වනවිට මඳ විවේකයක් ගන්නේයයි මා සිතූ වෙලාව එළඹ ඇත. කාලසටහනකට වැඩ කිරීම හොඳ පුරුද්දකි. එමෙන්ම සෞඛ්‍යමත් දිවියකට විවේකය අත්‍යාවශ්‍ය්ය. එමනිසා මම විවේකය ගනිමි.

එම session එක සඳහා Net Loss වීම එතැනින් හමාරය. පෙර භාගත කරගත් movie එක බැලීමෙන් loss වීම සම්පූර්ණ වේ.

0 comments:

Post a Comment