ගරිල්ලා Marketing

මේ දවස් වල campus එක Marketersලාගෙන් පිරී ඉතිරී ඇත.ඇතැම්හු T-shirt විකුණති, තවත් අය පෑන් විකුණති, තවත් අය නාට්‍ය ප්‍රවේශ පත්‍ර විකුණති. මොවුන් ක්‍රියාත්මක වන්නේ group වශයෙනි. කැන්ටිමට ඇතුළුවූ විටම ඇවිත් වට කරගනිති.යාළුකමට නොගෙනත් බැරිය.නමුත් එක්අයකුගෙන් ගත් විට අනිත් අයගෙන් ඇනුම් පදද ඇසිය යුතුය.

මෙච්චර කල් පොඩි බැච් එකවු පිරිස දැන් level 2 එකට පැමිණ ඇත.ඔවුන්ගේ තැන අළුත් බැච් එකක් ගෙන ඇත. දැන් පොඩි බැච් එකටද පොඩි බැච් එකක් සිටියි.දැන් කට්ටියව department වලට බෙදා ඇත. සම්ප්‍රදායානුකූලව department එකේ seniorsලා පොඩි බැච් එකට නයිට් එකක් දියයුතුය.

නයිට් එකක් දීම මහා භාරදූර කටයුත්තකි. හොඳ තැනක් සොයා ගත යුතුය, කෑම ඇණවුම් කලයුතුය, transport organize කල යුතුය, invitation ගැසිය යුතුය, විවිධ video නිෂ්පාදනය කල යුතුය, කොටින්ම කියතොත් ජරමර ගොඩකි. මේවට ඉතින් කොහෙන්ද සල්ලි? මේ සියළු marketersලා උත්සාහ කරන්නේ මෙම නයිට් එකක් දීමේ අරමුණ සාක්ෂාත් කරගැනීම උදෙසා අරමුදල් එකතු කිරීමටයි.

Department දෙකක් පෑන් ගසා ඇත (අපේ එකත් ඇතුළුව).හැමෝටම පෑන් පෙට්ටියක් ලැබී ඇත.එක පෙට්ටියක පෑන් 60කි. පෑනක මිළ රු.20කි. හැමෝම අන්තිමට රු.1200 ලබා දියයුතුය. අතින් පාඩු නොවීම සඳහා හැමෝම පෑන් විකිණීමට නොගන්නා උත්සාහයක් නැත.සමහරෙක් පරම සත්‍ය අවබෝධ කරගෙන ඇත.එනම් පෑන් සියල්ල විකුණාගත නොහැකිව අනිවාර්යයෙන් අතින් පාඩු වන බවය (දෙගොල්ලම පෑන් 10,000කට ආසන්න ප්‍රමාණයක් ගසා ඇත.එකේ සිසුන් ගණනද 5000කට ආසන්නය.ඉතිරි 5000 කාට විකුණන්නද?).මගේ එක් මිතුරෙක් මෙම පාඩුව අවම කරගැනීමට අපූරු උපායක් යොදා ඇත.ඔහු දැන් පෑන් තුනක් රු.50කට විකුණයි.පෑන් සියල්ල විකුණුනහොත් පාඩු වන්නේ රු.200කි. ඔහුට තව විකිණීමට ඉතිරිව ඇත්තේ පෑන් 6ක් පමණි.

තවත් එකමිතුරෙක් දණහිසේ ආබාධයකට ගොදුරුවී ඇත.එමනිසා ඔහුට පෑන් විකිණීමට දැඟලිය නොහැක. එම්නිසා මොහුත් පෑන් විකිණීමට නියම ක්‍රියාමාර්ගයක් අනුගමනය කරයි. Campus එකේ ප්‍රධාන Y මංසන්ධියක් ඇත. දෙකට බෙදුණු පාරවල් අතර තණකොළ වවා ඇති අතර එතැන බැම්මකින් වට කල එක ලොකු ගසකි. මොහු බැම්ම මත වාඩිවී පාරවල් දෙකෙහිම ගමන් කරන යළුවන්ට හා අළුත්ම බැච් එකේ අයට කතාකරයි.ළඟට එන කිසි කෙනෙකුට පෑනක් නොගෙන මොහුගෙන් ගැලවීයාමට නොහැක.

නාට්‍ය ප්‍රවෙශ පත්‍ර විකුණන්නේ electrical department එකයි.නාට්‍ය ප්‍රවේශ පත්‍රයක් රු.100කි. එමනිසා මෙය විකිණීම හැමොටම කලනොහැක. මන්දයත් රු.100 campus එක තුල ලොකු ගණනකි. මෙයින් වේල් දෙකක් කා plain T කිහිපයක්ද බීමට හැක. එමනිසා department එකේ හැමෝගෙම යහළුවන් වන පිරිස අනිත් අයගේ ticket පොත්ද එකතු කරගෙන විකුණති. මේ අය campus එකේ එළ පොරවල් ලෙසට පිළිගෙන ඇති උදවියයි. එමනිසා කිසිවෙකුත් එවැන්නෙකුගේ ඉල්ලීම අහක දමන්නේ නැත.

මට ලැබුණු පෑන් පෙට්ටියේ තව පෑන් 30ක් පමණ ඉතිරී වී ඇත.බොහෝ දිනවල එම පෙට්ටිය මට බෝඩිමේ අමතක වේ. එමනිසා තව වසර කීපයකට මට පෑන් කඩෙන් ගැනීමට අවශ්‍ය නොවන බව පැහැදිලිය.

1 comments:

  • මේ අවස්තාවේදී මට කියන්න තියෙන්නේ, මම දවස් 2එන් පෑන් 60ම විකුනලා හමාරයි. මගේ පාඩුව රු. 120 පමනි. ගිය අවුරුද්ද මට දීපු පෑන් 30එන් 5ක් පමනයි විකුනන්න හැකියුනේ. එම නිසා පාඩුව රු. 250. මෙම උපාය නිසා මම එතරම් මහන්සි උනෙත් නැහැ.

    Electrical Department එකෙන් රු.50 කට Ticket දුන්නා. දැන් එම ප්‍රවෙශ පත්‍රය අවලංගු බවත් රු.100 පත්‍රයක් මිලදී ගනියයුතු බවත් ප්‍රකාශ කරලා ඇත...
    බම්බුව තමයි...

Post a Comment